Wednesday, February 14, 2018

ඇල්ෆා මේල්ගෙන් ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලීම

Alpha කියන්නේ ග්‍රීක හෝඩියේ මුල් අකුර!


ඔය ගොඩක් සත්ව කොට්ඨාශ වල ඉන්නවා ඇල්ෆා මේල් (Alpha Male ) කියල හඳුන්වන පිරිමි සත්වයෙක්!
උදාහරණයක් විදියට චිම්පන්සියෝ කණ්ඩායමක් ගත්තහම ඉන්නවා එකේ Alpha Male - මෑන් තමා කණ්ඩායමේ නායකයා. 




මෑන්ට යටින් තමා අනික් අය. රැහේ ඉන්න හොඳම (හොඳම කියල මේ මෑන් ට හිතෙන) ගැහැණු චිම්පන්සියෝ මිනිහගේ පරිභෝජනෙට. හොඳ පලතුරු ගස් වගේ හැම හොඳ දෙයක්ම උගේ සහ උගේ ගෑනු /ළමයි/සහචර සෙට් එකයි අරගෙන ඉතුරු වුනහම තමා අනික් අයට පාවිච්චි කරන්න පුළුවන්.

හැම තිස්සෙම වෙන්නේ මේ Alpha Male දුර්වල වුනහම ඇවිත් වෙන චිම්පන්සියෙක් මුගෙන් මේක උදුරාගෙන අලුත් එකා අලුත් alpha male වෙනවා! 




මේක වෙනස් වෙන්නේ නැහැ මොකද චිම්පන්සියාගේ පරිකල්පනය alpha male ගෙන් තොර ලෝකයක් කරන්න බැරි හින්ද! රැහේ පැවැත්ම තියෙන්න alpha male කෙනෙක් ඉන්නම ඕනේ! නැත්තන් ඉන්න එවුන් වෙන alpha male කෙනෙක් හොයාගෙනම යනවා. 

මිනිස්සුත් ඉස්සර කාලේ ඔහොමයි - රජෙක් වගේ alpha male කෙනෙක් වටේට තමා රැහේ එවුන් ටික එකතු වෙලා රාජ්‍යය දුවන්නේ. හැබැයි මිනිස්සුන්ගේ වෙනස්කම වුණේ - මිනිස්සුන්ට පුළුවන් කෙටි කාලෙකදී alpha male කියලා එකෙක් නැහැ - හෙට ඉඳන් ඔක්කොම මිනිස්සු එක හා සමානයි කියල අලුත් පරිකල්පන ලෝකයක් ගොඩ නගන්න.

උදාහරණයක් විදියට ප්‍රංශ විප්ලවය වුණහම එක රැයින්  මිනිස්සු පිළිගත්තා අද ඉඳන් රජෙක් (alpha male ) කෙනෙක් නැහැ... හැමෝම එක සමානයි අද ඉඳන් කියල! මේක වෙන්න ප්‍රංශ කාරයොන්ගේ මොකක්වත් ජානවල පරිණාමනයක් වත් විකෘතියක් වත් වුනේ නැහැ. Cognitive revolution එකක් තමා වුනේ - ඔය ප්‍රජාතන්ත්‍රවාදය, සමූහාණ්ඩුව ඔක්කොම මිනිස්සු හිතෙන මවාගන්න ලෝකවල් (ඇත්තටම නැහැ) - විශේෂත්වේ තියෙන්නේ මිනිස්සු ලක්ෂ ගානක් එහෙම දෙයක් ඇත්තටම තියෙනවා කියල හිතාගෙන ක්‍රියාත්මක වෙන්න පුළුවන් කම (living in dual realities)! එකත් එක්ක තමා මේ system එකේ පැවැත්ම සහ සාර්ථකත්වය පවත්වන්නේ (පොඩ්ඩක් කල්පනා කරලා බලන්න එක පාරම මිනිස්සු බහුතරයක් හිතනවා මේ ප්‍රජාතන්ත්‍රවාදය හරියන්නේ නැහැ - රාජාණ්ඩුව තමා ඕනේ කියල - එතකොට සිද්ධවෙන දේ)!

ඉතින් කාලයත් එක්ක මේ cognitive revolution  එකේ එක එක  stage වලට ඇවිත් ඒ මිනිස්සුම trial & error  කරලා තමා ඔය දැන් පවතින ව්‍යවස්ථා , ප්‍රජාතන්ත්‍රවාදය වගේ සංකල්ප දියුණු වුණේ! මේකේ හරිම ඉන්ටරස්ටින්ම කරුණ තමා මේ  සංකල්ප දියුණු වුනු සියවස් 2 කට වැඩි කාලේදී මිනිස්සුන්ගේ මොලේ සැකැස්මේ (biological structure) එකේ කිසි  වෙනස්කමක් වුණේ නැහැ! මිනිස්සු හිතෙන මවාගන්න යථාර්තේ තමා වෙනස් වුනේ  - භෞතිකව මොකුත් වෙනස් වෙලා නැහැ!

හැබැයි චිම්පන්සියෝන්ට අවුරුදු තව ලක්ෂයක් ගියත් alpha male කෙනෙක් නැතුව චිම්පන්සි රෑනක් දුවන්න බැහැ - මොකද චිම්පන්සියෝ ගොඩකට ඔය වගේ සම්මුතියකට එන්න බැහැ! උන්ගේ ඔලුව වයර් වෙලා තියෙන්නෙම alpha චිම්පන්සියෙක් වටේ රැහේ පැවැත්ම දුවන්න!

දැන් ඉතින් ලංකාවට එමු - ලංකාවේ මිනිස්සු ඔය පරිනමනේ එක් එක් කොටස් වලට අනුක්‍රමිකව සංක්‍රමණය වෙලා නැහැ. සුද්දා ඇවිල්ල රජා නැති කරනකන් ලංකාවේ මිනිස්සු පුරුදු වෙලා හිටියේ එක රජෙක්ගෙන් තව රජෙක්ට (alpha male කෙනෙක්ගෙන් තවත් alpha male කෙනෙක්ට) බලය මාරු කරන්න මිසක් ඔය සිස්ටම් එක වෙනස් කරන්න නෙවෙයි. ඉතින් එක පාරම ඇවිත් සුද්දා මේ ව්‍යවස්ථාවක් දීල ගියාට අපිට ඕක පොඩ්ඩක් දිරව ගන්න තාම අමාරුයි! අපි තාම හිතෙන් හොයන්නේ රජෙක්. ගමේ මන්ත්‍රී වුණත් අපිට සමාන අපි වගේ බස් එකේ යන මිනිහෙක් පත් කරගන්න පොඩ්ඩක් හිත දෙන්නේ නැහැ. ගමේ alpha male (මන්ත්‍රී ) වුනත් ටිකක් තේජසට ඉන්න අපිට වැඩිය උඩින් ඉන්න "පොරක්" තමා පත්කරගන්න බලන්නේ!


ඉතින් ප්‍රජාතන්ත්‍රවාදය කියල කිව්වහම ලංකාවේ ප්‍රංශයේ එංගලන්තේ ඉන්දියාවේ හැමෝම මේකේ තේරුම දන්නවා. නමුත් ඩිමොක්‍රසි නැත්තන් ප්‍රජතන්ත්රවාදේ  කිව්වහම ඔය රටවල් හතරේ මිනිස්සුන්ට දැනෙන දේ එක වගේ නෙවෙයි! 

ඉතින් අර කොහේ හරි යුරෝපේ රටක අගමැති හරි ඇමති හරි හැමදාම වැඩට යන්නේ දුම්රියේ හිටගෙන අනික් මිනිස්සු වගේ කියල අපි හූල්ලව්වට අපිට බැහැ තාම එහෙම කෙනෙක් පාර්ලිමේන්තු යවන්න - මොකද අපේ හිතේ ඉන්න Alpha Male  ගේ පින්තූරේ ඒක නොවෙන හින්ද!

ඔය ඉඳල ඉඳල සංකේතාත්මකව බස් එකේ ගිහින් පින්තූරයක් දැම්මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් හැමදාම එහෙම බස් එකේ අපිත්  පොර කකා ගියොත් අවුලක් යනවා.

අපිට හැමදාමත් අපේ නායකයා අපිට වැඩිය ඉහල තැනක ඉන්න alpha male කෙනෙක් තමා හොයන්නේ! සම තත්වයේ ඉන්න නායකයෙක් වත් නායකයට ඉහලින් තියෙන ව්‍යවස්ථාවක් විශ්වාස කරන්  ක්‍රියාත්මක වෙන එක අපිට ටිකක් අමාරුයි. බලය යොදල ක්‍රමය පවත්වනවා මිසක් ව්‍යවස්ථාව තමා මුදුනා කියල සාමුහික ක්‍රමයක දුවන්නේ නැහැ (උ. දා  - පොලිසිය නැති වෙලාවට නීතිය ගරු කරන්නේ නැති රියදුරෝ වගේ අපේ නියෝජනයක් වන අපේ නායකයෝ එළි වෙන්නේ නැත්තන් ව්‍යවස්ථාවට ගරු කරන්නෙත් නැහැ )


Alpha male කතාවේ වස්තු බීජයට  මූලාශ්‍රය - Sapiens : A Brief History of Humankind  පොතෙන් 




Monday, February 12, 2018

දුම් පරීක්ෂණවලට කොකා පෙන්නපු වොක්ස්වැගන්

මේ කියන්න යන්නේ අර ලංකාවට එනවා කියපු වොක්ස්වැගන් ෆැක්ටරිය ගැන නෙවේ!



මේ කියන්න යන්නේ වොක්ස්වැගන් එකේ කළමනාකරුවෝ සහ ඉංජිනේරුවෝ සමූහයක් මුළු ලෝකෙම අවුරුදු ගානක් තිස්සේ රවට්ටපු හැටි!

වොක්ස්වැගන් ඉතිහාසෙන් බිඳක් 

හිට්ලර්ට ඕනේ වුණා සෑම ජර්මානුවෙක්ටම දැරිය හැකි මිලකට කාර් එකක් ලබාදීමට - ඉතින් ඔහු සහ ඔහුගේ නාසි කම්කරු පක්ෂයේ විසඳුම වුනේ වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව හෙවත් මහජනතාවගේ කාර් සමාගම - “The People’s Car Company.”  

1939 වොක්ස්වැගන් ලාංඡනය - මූලාශ්‍රය 
Volks කියන ජර්මන් වචනයේ තේරුම වන්නේ "මිනිසුන්" යන්නයි. Wagen යන්නෙන් කාර් එක යන තේරුමත් සමග මෙය "මහජනයාගේ කාර් රථය" ලෙස නම් කෙරුණි. 

ඇඩොල්ෆ් හිට්ලර් ප්‍රථම වොල්ක්ස්වැගන් කාරයත් සමග 


1937 රාජ්‍ය සමාගමක් ලෙස පිහිටවූ මෙහි ප්‍රධාන අරමුණ වුණේ ඒ වනවිට ඇමෙරිකාවේ හෙන්රි ෆෝඩ් විසින් දැරිය හැකි මිලකට ලබාදුන් මෝටර් රථයක් වැනි රථයක් ජර්මනුර්වන්ටත් ලබාදීමට. මේ කර්තව්‍යය භාර වුනේ ෆර්ඩිනැන්ඩ් පොර්ශේ හට (ලෝක ප්‍රසිද්ධ Porsche, Audi සහ Benz වැනි සමාගමුත් මොහුගේ නිර්මාණ). ඒ වගේම මේ ෆැක්ටරිය ලෝකේ ලොකුම කාර් ෆැක්ටරිය කරන්නත් මේ සමග ඔවුන්ට ඕනෑ වුණා - වර්ග කිලෝමීටර 6.5 කින් යුක්ත මෙය අදටත් ලෝකයේ විශාලතම කාර් නිෂ්පාදන කර්මාන්ත ශාලාවයි.  හරියටම කිව්වොත්  මේ ෆැක්ටරිය ලංකාවෙන් 10,000න්  එකක්.

වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව

මේ උස කුළුණු 4 - එහි පින්තාරු (painting) අංශයයි. 

1939 මෙහි ප්‍රථම වාහනය ප්‍රදර්ශනයට තැබුනත් ඒ වර්ෂයේම දෙවන ලෝක යුද්ධය පටන් ගැනීමත් සමග මෙහි නිෂ්පාදනය සහ වැඩි දියුණුව ඇන හිටියා.


දෙවන ලෝක යුද්ධයෙන් පසු නැවතත් මෙහි නිෂ්පාදනය ආරම්භ කරන ලද අතර මෙය ජර්මනුවන්ගේ අභිමානයේ සළකුනක්ද වුණා .

වොල්ක්ස්වැගන් (VW) සහ ඇමරිකාව 

1955 දී මේ සමාගම ඇමරිකාවේ ව්‍යාපාර ආරම්භ කලත් නාසි විරෝධී ආකල්ප සහ මුලින් VW කාර් වල තිබු අමුතු හැඩයත් සමග විශාල වර්ධනයක් තිබුනේ නැහැ.  නමුත් 1960 දී ජර්මානු රජය සතුව තිබු සමාගමේ කොටස් 60% මහජනයාට අලෙවි කිරීමෙන් පසු ඇති වූ ප්‍රගතියත් සමග එතෙක් ෆෝඩ් T  මාදිලියේ වාහන මිලියන 11 අලෙවි කොට තැබූ වාර්තාව VW බීට්ල් මගින් බිඳ හෙලුවා. 

ෆෝඩ් මොඩෙල්  T  - 1919 වර්ෂය

VW බීට්ල් 
මේ ලෝකය පුරා ව්‍යාප්ත වූ බීට්ල් මාදිලිය සමග VW සමාගමේ අලෙවියත් සීඝ්‍රයෙන් වැඩි වුණා. 

1960 VW බීට්ල් වෙළඳ දැන්වීමක් 

එන්ජිම සිසිල් කිරීමට වතුර භාවිතා නොකළ මේ මාදිලිය ශීත රටවල් වල වගේම උණුසුම් රටවල් වලත් එක සේ ජනප්‍රිය වුණා. 

නමුත් 90 දශකයේ පැමිණි ජපන් කාර් වල තරඟයත් සමග VW හි අලෙවිය සීග්‍රයෙන් පහත වැටුණා. කොපමණ වැටුනද කිවහොත් සමාගම බංකොලොත් වී වසාදමන තත්වයකට වැටුණා. 

මේ වෙලාවේ ආවා VW එකට ගැලවුම් කාරයෙක් - ෆර්ඩිනන්ඩ් පී  Ferdinand Piëch - අර මුලින්ම හිට්ලර් එක්ක VW පටන් ගත්ත පොරගේ මුනුබුරෙක්! මේ මුණුබුරා වෘත්තීය ජීවිතේ වගේම පුද්ගලික ජීවිතයේත් ඵලදායි පුද්ගලයෙක් - මේ මනුස්සයට ළමයි 12 හිටියා බිරින්දෑවරුන් 4 දෙනෙක්ගෙන් (ඉතින් හිතගත්තහැකි නේ ). මිනිහා VW එන්න කලින් Audi එකේ ලොක්කා - මෑන් තමා Audi සමගම ඔය BMW, බෙන්ස් වගේ ඒවා එක්ක කරට කර තරඟ කරන තත්වෙට දියුණු කළේ ! සුපිරි වැඩ්ඩෙක් වචනාර්ථයෙන්ම. 

Piech ඉතින් VW එකට 1993 ඇවිත් හිතුවේ අලුත්ම විදියට. ඒ වෙනකොට VW එක bankrupt වෙන්න ඔන්න මෙන්න. ඉතින් VW එක වැටිලා ඉන්න ආගධෙන් ගොඩ ගන්න මිනිහට ආවා නියම අදහසක්. ඒක තමා ,


VW ඩිසල්  කාර් 

1993 Piech එද්දී VW එකට, ඩිසල් කියන්නේ ට්‍රැක්ටර් බස් වගේ ලොකු වාහන වලට ජනප්‍රිය ඉන්ධනයක්. මිනිහා හිතුවා මේක තමා VW එකට ගොඩ යන්න තියෙන දේ කියල. ඉතින් මෑන් මොකද කරේ පොඩි සයිස් එකේ ඩිසල් කාර් හදන්න මුල පිරුවා. මුල පුරලා නිකන් හිටියේ නැහැ, යුද්ධයක් කරනවා වගේ මේක පස්සෙම පැන්නුවා - මිනිහා ටිකක් ටෆ් පොරක් (ලේසි නැහැ වැඩ කරන්න ... අනික් අය කියන ඒවා ගණන් ගන්නේ නැහැ . Piech ප්‍රසිද්ධියේම පිලි ගන්නවා මිනිහගේ පුද්ගල සන්නිවේදනය (communication) අන්තිමයි,  හැබැයි එක ප්‍රශ්නයක් නෙවෙයි කියල ). 

මේ ඩිසල් පස්සේ පන්නපු එකෙන් වුනේ VW එක අලුත් එන්ජිමක් හැදුවා VW TDI



මේකෙන් 
වොක්ස්වැගන්  එකට පුළුවන් වුණා  එතෙක් ඩීසල් වාහන වල තිබුණු බොහොමයක් ප්‍රශ්න ඉවත් කරලා පෙට්‍රල් වාහනයක තිබෙන පෆොර්මන්ස් එක ගන්න වගේම පොඩි කාර් වලට ඩීසල් හඳුන්වා දෙන්න! මේ කාර් එකත් එක්ක VW මාකට් කරපු අනික් සංකල්පේ තමා "Clean Diesel" කියන එක!

 VW Clean Diesel වාණිජ දැන්වීමක් 

මේ අලුතෙන් නිපදවපු වොක්ස්වැගන් TDI එන්ජිම සහිත කාර් පරිසර හිතකාමී බවෙනුත් කාර්යක්ෂම බවෙනුත් මිලට ලැබුණු අගය අතිනුත් පරිපූර්ණ වුණා (ඒ කාලයේ තිබු ඒ හා සමාන කාර් වලට සාපේක්ෂව). 

සියලුම දුම් පරීක්ෂණ , විද්‍යාගාර පරීක්ෂණ ආදී මෙකි නොකී පරීක්ෂණ වලිනුත් මේ VW TDI එන්ජිම සමත් වුණා - ඉතින් පරිසර හිතකාමීන්ගේ ආදරය දිනාගෙන මේ  වොක්ස්වැගන් Jetta කියන මාදිලියේ ඩිසල් කාර් ලක්ෂ 5 ඇමෙරිකානුවන් මිලදී ගත්තා!

හැබැයි මේ හැමෝගෙම හිත දිනාගත්ත VW ඩිසල් කාර් වල අඳුරු රහසක් තිබ්බා - ඒ මොකද්ද?

මීළඟ කොටසින් කථා කරමු ඒ ගැන!

The deeper you dig, the darker it gets



Related Posts Plugin for WordPress, Blogger...