Sunday, February 26, 2017

මොකටද බොලව් ගල් අඟුරු බලාගාර? දන්නේ නැද්ද සූර්ය, සුලන් බලාගාර ගැන??







හැමෝම දන්නවා ගල් අඟුරු වල තියෙන පාරසරික ප්‍රශ්න ගැන හා එකට තියෙන විරෝධේ ..... ඉතින් අපේ අදාළ බලධාරීන් විශේෂයෙන් මේ ක්ෂේත්‍රය පිලිබඳ දැනුවත් අය මොකෝ මේ ගල් අඟුරු පස්සෙම දුවන්නේ? ඇයි මේ පරිසරවෙදියෝයි මේකට විරුද්ධව කෑ ගහන අය කියන විදියට පුනර්ජනනීය බලශක්තියට යන්නේ නැත්තේ? අද කථා කරන්නේ ඒක ගැන සරලව! උඩ තියෙන බහිරව රූපේ නැත්තම් වාමන රුපෙට මේකට අදාළ වෙන්නේ කොහොමද කියල පසුවට විස්තර කරන්නන්.....


ලංකාවේ දෛනික විදුලි ඉල්ලුම වෙනස් වෙන ආකාරය 




ඉහත ප්‍රස්ථාරෙන් පේනවා ඇති ආකාරයට අසන්න වශයෙන් මෙගාවොට් 1000 ක BASELOAD එකක් එහෙමත් නැත්තම් පාදක ඉල්ලුමක් තියෙනවා ... ඒ ඉල්ලුම උඩට තව දවසේ වෙලාව අනුව විචල්‍ය ඉල්ලුමක් එකතු වෙලා අපේ ජාතික විදුලි ඉල්ලුම (Total Demand ) හැදෙනවා!

මේ baseload එක දවස පුරා ඒකාකාරව ස්ථායීව සැපයිය යුතුයි... නැත්තන් විදුලි පද්ධතිය බිඳ වැටෙනවා.....



උදාහරණයක් අරන් බලමු!


මම මේකට උදාහරණයක් විදියට ගන්නේ මගේ මිත්‍ර චමිල් එදිරිමුණි මුහුණු පොතේ ලියපු කොමෙන්ටුවකින් ගත්ත අදහසක්... මමත් කාලයක් තිස්සේ උදාහරණයක් හිත හිත හිටියත් හරියන එකක් හම්බ වුනේ චමිල් ගෙන්... ඉතින් මේකට වස්තු බීජය දීමේ සම්පූර්ණ ගෞරවය ඔහු සතුයි.

හිතන්න අපිට කොළඹ සිට යාපනය බලා යන්න පුළුවන් ප්‍රවාහන ක්‍රම විශාල ප්‍රමාණයක් තිබෙනවා. නමුත් ඉතා ඉක්මනින් අඩු මුදලට යන්න අවශ්‍ය නම් අපි යන්න ඕනේ කෝච්චියේ . කෝච්චියේ මේකේ විශාලම දුර ප්‍රමාණය ගිහිල්ලා බැස්සම යාපනය නගරයේ හා ඒ අවට කරක් ගහන්න ඕනේ නම් හොදම දේ තමයි එක්කෝ ත්‍රිවිල් නැත්තම් බයිසිකලේ. ඒ වගේම ඇවිදින්නත් අවශ්‍ය වන වෙලාවල් තියෙනවා. (මෙහිදී බස් උපරිම ප්‍රමාණයට පාරට දමා ඇති බව උපකල්පනය කරන්න.... හරියට අපේ රටේ හදන්ඩ පුළුවන් මහා පරිමාණ ජල විදුලි බලාගාර ඔක්කොම හදල තියෙනවා වගේ)

අපේ විදුලි පද්ධතිය ගත්තොත් මේ කෝච්චියේ යන ගමන හරියට ගල් අඟුරු බලාගරේ වගේ - Baseload එක.... එහෙමත් නැත්තන් අඩු වෑයමක් දාල අඩු පිරිවැයකින් ලොකු දුරක් කරදරයක් නැතුව යන ගමන.....කොළඹ ඉඳන් යාපනේ නගරෙට යන ගමන....

ඊට පස්සේ ඔය වටේ පිටේ ඇවිදින එක කරන්ඩ පුළුවන් - බයිසිකලේ, ත්‍රීරෝද රථය හා ඇවිදීම --- මේවා සමාන කරන්ඩ පුළුවන්  සුලන්, සූර්ය, කුඩා පරිමාණ ජල වගේ විදුලි බලාගාර වලට...

ඉතින් අපේ මේ ගමන යන්ඩ මේ හැම ප්‍රවාහන ක්‍රමයක්ම අවශ්‍යයි. මේ හැම ක්‍රමයේම තියෙන තාක්ෂණිකව ප්‍රබල තැන් වගේම දුර්වල තැන් (අඩු පාඩු) ගැන අවබෝධෙන් අපි ප්‍රවාහන මාධ්‍යය තෝරාගත යුතුයි.




අනික් ක්‍රමේ 

නැත්තන් ඉතින් හිතල බලන්ඩකෝ - මෙන්න මේ වගේ කතන්දරයක්..... අපිට දැන උගත් උපදේශකයෙක් ඇවිත් කියනවා දුම්රියේ යන්ඩ එපා යාපනේ ... පලයල්ලා බයිසිකලයක් පැදගෙන...... බයිසිකලේට මූලික වියදම (ප්‍රාග්ධන වියදම විතරයි) නඩත්තු වියදම ඉතාමත් අඩුයි.... ඉන්ධන වියදමක් ඇත්තෙම නැහැ.....

ඉතින් මෙහෙම බයිසිකලේ පැදගෙන කොළඹ ඉඳන් යාපනේට යමු කියල කියද්දී අපි ඕකට තව වතුර පොහොර දානවා මෙන්න මේ වගේ - 

"බලන්න මිත්‍රවරුනි එහෙම බයිසිකලේ පැදගෙන කොළඹ ඉඳන් යාපනේට යද්දී අපේ ශරීරය හොඳට ව්‍යායාම වෙනවා.... අපේ කොලෙස්ටරෝල්, අධි රුධිර පීඩනය අඩු වෙනවා.... අනික් එක සහෝදරවරුනි අපිට මේකට කිසිම ඉන්ධන වියදමක් යන්නේ නැහැ ......බලන්ඩ අපි කොච්චර මුදලක් ඉතුරු කරනවද. අනික් එක පිටරටට ඉන්ධන වෙනුවෙන් ඇදිල යන විදේශ විනිමය කොච්චර ඉතුරු වෙනවද?.. අනික් එක පරිසරයට කිසිම හානියක් වෙන්නේ නැහැ... කිසිම විෂ වායුවක් පිට වෙන්නේ නැහැ ...අපිට පුළුවන් ගමන යද්දී වට පිට බලාගෙන සොභා සිරිය විඳගෙන යන්ඩ (නොමිලේම)...... මේ වගේ ලස්සන ප්‍රවාහන ක්‍රමයක් තියෙද්දී ඇයි ඔබලා බස් කොච්චි පස්සේ දුවන්නේ?"

ඉතින් මේ ආකර්ශනීය කතාව අහන (ගල් අඟුරු බලාගාර එපා ---- මෙච්චර ඉර එලිය තියෙද්දී මොකටද ඕවා.... මෙච්චර හුලං .... අනික් එක ඒවා නිකන් නේ... පරිසර දූෂනයකුත් නැහැ ) බහුතරයක් හිතනවා ඇත්ත නේ යකෝ කියලා ?

ඉතින් අපිත් බයිසිකලේ  යාපනේ යමු කියල අපි දුම්රිය මාර්ගේ වහල දාල (විදුලි පද්ධතිය පැත්තෙන් නම් ගල් අඟුරු බලාගරේ ව්‍යාපෘතිය නතර කරලා  දාල).. අපි කියනවා දැන් ඔක්කොම එවුන් යාපනේ යන්ඩ ඕනේ නම් බයිසිකලේ පලයල්ලා කියලා ..... පශ්චාත් භාගේ පට්ට යනකන් කොහොමද කොළඹ ඉඳන් යාපනේට බයිසිකලේ පද්දහම? කොහොමද මේකේ ප්‍රයෝගික බව?

මෙන්න මේ උපදේශේ දෙන උපදේශකයා තමා - පරිසරවේදියා (හැමෝම නෙවෙයි... අන්ධ බාවයෙන් ගල් අඟුරු එපාම කියල කෑ මොර දෙන උප කුලකේ)..... 

ඉතින් මේකට විරුද්ධව හඬ නගන සමහරු කොච්චි පාර වහලා දාල වැඩි ගානට කාර් විකුණන ව්‍යාපාරෙකුත් (ඩීසල් විදුලි බලාගාර) කරනවා වේදිකාව පිටිපස්සේ..... මොකද මේ ගොල්ලෝ දන්නවා ටික දවසක් බයිසිකලේ යාපනේ පැද්දට ඒක ප්‍රයෝගික නැහැ කියල තෙරුනහම අපි කාර් ගන්නවා කියලා .... 

කොච්චි පාරක් හදන්ඩ ගොඩක් කල් යන හින්දත් අපිට යාපනේ යන්ඩ ඕනේ හින්දත් (බයිසිකලේ යාපනේට හැම තිස්සෙම පදින්ඩ බැහැ කියල තේරුම් යද්දී ) අපි අන්තිම මොහොතේ මෙන්න මේ කාර් ගන්නවා....හැබැයි මේ කාර් වැඩේ ඉක්මන් වුනාට  කොච්චි වගේ 6 ගුණයක් වියදම ...... ඒ වුනාට මොනවා කරන්ඩද? කරන්ඩ දෙයක් නැහැ... ණයට සල්ලි අරන් කාර් ගන්නවා යාපනේ නොගිහින් ඉන්නේ නැතුව ඉන්ඩ (විදුලිය කපන්නේ නැතුව ඉන්ඩ ) .... මේ කාර් විකුණන එවුන් (ඩීසල් මාෆියා එකේ ඉන්න එවුන්) කාර් ගෙනල්ල බලාගෙන ඉන්නේ ඒවා මිලදී ගන්ඩ එනකන්.... ඉතින් මේ ගොල්ලෝ මේකේ ඒකාධිකාරයක් (monopoly ) එකක් තියා ගන්නවා.... කියන මිලට කාර් ගන්ඩ වෙනවා අපිට.....

මෙන්න මේ කොච්චි පාරයි කොච්චියයි වගේ තමා ගල් අඟුරු බලාගාර .... අඩු වියදමකින් වැඩි දුරක් පහසුවෙන් යන්ඩ පුළුවන් වුනාට මේවා සැලසුම් කරන්ඩයි හදන්ඩ යි ලොකු කාලයක් වගේම වියදමක් යනවා..... ඉතින් කලින් සැලසුම් කරේ නැත්තන් අපිට අවශ්‍ය වෙලාවට කරගන්ඩ බැහැ ....

හැබැයි මේ කාර් (ඩිසල් විදුලි බලාගාර) නම් අඩු කාලෙකින් ගෙන්න ගන්ඩ  පුළුවන් ..... හැබැයි වියදම වැඩයි (නඩත්තු වියදම වගේම ඉන්ධන වියදම)..... අපිට ටික දවසකින් අමතකයි කොච්චි පාර වැහුවේ බයිසිකලේ යාපනේ යන්ඩ මිසක් කාර් එකේ යාපනේ යන්ඩ නෙවෙයි කියල.....

ඉතින් මේ විදියට දුම්රියේ යන ගමන කාර් එකේ යන්ඩ - එහෙමත් නැත්තන් නොරොච්චෝලේ වගේ ගල් අඟුරු බලගරේක වැඩේ කෙරවලපිටිය වගේ බලාගාර වලින් කරගන්ඩ - මෙගාවොට් 500 හදන්ඩ අවුරුද්දකට අමතරව රුපියල් බිලියන 133 යනවා.... මේක සමානයි අපි හැම අවුරුද්දෙම හම්බන්තොට ගුවන්තොටුපල වගේ ගුවන් තොටුපළවල් හතරක් හදන වියදමට! මේ ගණන් හැදීමට පාදක කර ගත්තේ පහත වගුවේ ගණන් මිනුම්!




මූලාශ්‍රය - 2015 විදුලි ජනන වාර්ථාව  (මහජන උපයෝගිතා කොමිසම) http://www.pucsl.gov.lk



බහිරවයා 

මෙන්න මේ ගල් අඟුරු බලාගරේ වැදගත්කම කියන්ඩ ලස්සන පින්තූරයක් දැම්ම 2014 අපේ ජාතික ශක්ති වාර්තාවේ (energy balance 2014)



මේකේ තියෙන බහිරව රූප නැත්තන් වාමන රූප හරියට ගල් අඟුරු බලගරේ වගේ.... මේ බහිරව රූප නේ ඊට උඩින් තියෙන පාදම උස්සන් ඉන්නේ... අන්න ඒ වගේ අපේ ජාතික විදුලි පද්ධතියේ බර උසුලාගෙන ඉන්නේ ගල් අඟුරු බලාගරෙන් - නොරොච්චෝලේ බලාගරෙන් ....  කුඩා පරිමාණ ඩීසල් බලාගාර ඔක්කොම එකතු කරපුවහම පරිසර දූෂණේ වැඩයි තක්ෂනෙන් ඉහල ගල් අඟුරු බලාගාරයක් එක්ක බලද්දී.....

ගල් අඟුරු බලගරේ කියද්දී අපිට පොඩි බයක් එනවා අන්න අර බහිරව රූප දකිද්දී වගේ ..... නමුත් පුරාණ විශ්වාස වල තිබ්බ වගේ අපිව රැක ගන්නේ මෙන්න මේ බහිරවයා නැත්තන් ගල් අඟුරු බලාගරේ .....


ඉතින් පුනර්ජනනී Vs ගල් අඟුරු කථා ටිකයි මේ කියපු කථාවයි පොඩ්ඩක් හිතල බලන්ඩකෝ ...... මම හිතනවා තේරුම් ගන්ඩ පුළුවන් වෙයි කියල...  ප්‍රශ්න තියෙනවා නම් අහන්ඩ පල්ලෙහා කොමෙන්ටු වල... මම පුළුවන් හැටියට උත්තර දෙන්නන්......


අවසාන වශයෙන් 

එකක් මතක තියාගන්ඩ 
"අපිට ටික දවසකින් අමතකයි කොච්චි පාර වැහුවේ බයිසිකලේ යාපනේ යන්ඩ මිසක් කාර් එකේ යාපනේ යන්ඩ නෙවෙයි කියල....." 

අපි ජාතියක් විදියට මේ ෆැන්ටසි එකට රැවටිච්ච එකට පරම්පරා ගානක් වන්දි ගෙවනවා ......සමාගම් කීපයක් පෝසත් කරලා  ඛනිජ තෙල් වලින් (ඩීසල් ) වලින් විදුලිය හදන්ඩ .... අන්තිමේට පරිසරේට හොඳකුත් නැහැ ආර්ථීකේට  හොඳකුත් නැහැ!

ඇත්ත තිත්තයි අපහසුයි පිළිගන්ඩ  - Inconvenient  Truth!

11 comments:

  1. හොඳින් පැහැදිලි කරලා තියනවා. ඒත් මට හිතා ගන්න බැරි ඔෆ්-ග්‍රිඩ් වලට මිනිස්සු යනවටත් විදුලි බල මන්ඩලේ ඉන්ජිනේරුවො අකමැතිද කියන එක. අපි ග්‍රිඩ් එකට අත තියන්නෙ නැතුව විදුලි අවශ්‍යතාවෙන් කොටසක් සූර්ය බලයෙන් අරන් බැටරි වල ගබඩා කර ගෙන රෑට කට්ටිය ටීවී බල බල ලෝඩ් එක එකසිය ගානට වැඩි කරන වෙලාවට ග්‍රිඩ් එකෙන් අයින් උනා නම් නේද හරි.

    ReplyDelete
    Replies
    1. ///අපි ග්‍රිඩ් එකට අත තියන්නෙ නැතුව විදුලි අවශ්‍යතාවෙන් කොටසක් සූර්ය බලයෙන් අරන් බැටරි වල ගබඩා කර ගෙන රෑට කට්ටිය ටීවී බල බල ලෝඩ් එක එකසිය ගානට වැඩි කරන වෙලාවට ග්‍රිඩ් එකෙන් අයින් උනා නම් නේද හරි.///

      ඒක ගොඩක් වියදං කියලයි මම අහල තියෙන්නේ...

      Delete
    2. විද්‍යුත් ශක්තිය බැටරි වල දාන්ඩ තරම් ආර්ථික ශක්තියක් අපේ රටේ මිනිස්සු බහුතරේකට තියෙනවා නම් ඉතින් ඕක මරු වැඩේ... එච්චර දියුණු ගානකට ආපු දවසට අපිට පුළුවන් grid එකේම battery storage දාන්ඩ

      Delete
    3. මට ගිය වියදම්
      1. ලීෆ් මොඩියුල් 6 - 36,000 ( පරන වාහන බැටරි ගන්නත් තිබ්බා ඕනෙනම්)
      2. වොට් 300 පැනල් 2 - 46,000
      3. පියො සයින් ඉන්වටරය - 20,000 (ලාබ මොඩිෆයිඩ් සයින් එකක් ඇති )
      4. චාජ් කොන්ට්‍රොලරෙ - 5000

      Delete
  2. ගල් අඟුරු බලාගාරෙ කඩවන්න සහ "යකෙක්" මතු කරලා පෙන්නන්නත් ඔය ඩීසල් බලාගාර කියන "හොඳ කෙනා" හරි සමත් බව මම අහල තියෙනවා...

    අනික අපේ උන් ගල් අඟුරු, ඩීසල් බලාගාර වලින් එන විදුලිය ඉලෙක්ට්‍රික් වාහන වලට ගහගෙන "ග්‍රීන්" විදිහට ලෝකෙට බරක් නැතුව ජීවත් වෙනවා කියලත් මම අහල තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ඒ සමහරු හිතන් ඉන්නේ තමුන්ගේ ගෙදර තියෙන සොලර් පැනල් එකෙන් තමා charge කරේ කියලා .... ඒ මිනිස්සු හිතමතමද කොහෙද අමතක කරනවා ඉර එලිය තියෙන වෙලාවේ කාර් එක පාරේ දුව දුව තිබ්බේ.... රෑ විදුලි ඉල්ලුමේ peak එක එද්දී (gas turbine එහෙම දාගෙන ඉන්න වෙලාවට) තමා මේක charge කරන්නේ කියල

      Delete
    2. That is appears to be a distortion of the facts. CEB has already provided special tariff for Car battery charging and these people use that facility to charge the vehicle late in the night avoiding night peak. This load helps to keep the Coal plants going otherwise the coal plants need to be run a reduced inefficient load.

      Delete
  3. කාර් මුදලාලිලා විසින් බයිසිකල් උත්කර්ෂයට නැංවීම.. ඉකොනොමැට්ට ගේ පොස්ට් එකක් වගේ.. පට්ට උදාහරණේ.. :)

    ReplyDelete
    Replies
    1. ඉකොනොමැට්ට වගේ කියල අපේ උදාහරණ ගැන කියනවා අහන එකත් ආඩම්බරයක්! තාම ගානට ඒ එන්ඩ බැරි වුණා ... හැබැයි try කරනවා......

      Delete
  4. My observations regarding the main article is that -
    Sampur coal was supposed to be commissioned after 2022 meaning that coal lobby is already aligned with oil lobby for the 2016-2022 period. The battle is now between RE and Oil to bridge the gap.
    Unlike Coal, the imported OIL is taxed heavily and generation by oil is very expensive compared to RE which is now the cheaper option.
    Small power Solar at Rs 22/kWh and the wind power are much cheaper for CEB than the Private Diesel power which you have clearly shown to be higher.
    Distributed Solar and the wind will reduce much of the fluctuations. I am sure our available Hydro will continue to the storage required to be used only during the peak time. With the rapid decrease of prices of storage already seen even Grid storage will be feasible.

    ReplyDelete
    Replies
    1. Buy solar at Rs. 22 and then sell it to domestic customers at Rs. 4 (for those who consumes less than 60 units who make up the majority of the consumer market - who are the major cause of the night peak)?
      Who will pay the difference? at the end people of SL will end up paying Rs. 22 by the means of indirect terms - not directly through the electricity bill

      Delete